30 C
Colombo
Thursday, December 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමදුරු දැලෙන් ආ මාරයා දරුවෙක් බිලිගනී

මදුරු දැලෙන් ආ මාරයා දරුවෙක් බිලිගනී

පුත්තලම – විල්ලුව වත්ත ප්‍රදේශයේදී මුදුරු දැලක පැටලීමෙන් පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ පුත්තලම – අනුරාධපුර මාර්ගයේ විල්ලුවවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 12 හැවිරිදි පිරිමි දරුවෙකු මෙලෙස මියගොස් ඇති බවයි.

ඔහු ඊයේ (29) රාත්‍රියේ නිවසේ ඇඳ මත සෙල්ලම් කරමින් සිටියදී එහි එල්ලා තිබූ මදුරු දැලේ ලණුවට දරුවාගේ ගෙල සිර වී තිබෙනවා.

සෙල්ලම් කරමින් සිටි දරුවා හදිසියේ නිශ්ශබ්ද වූයේ ඇයිදැයි බැලීමට ඔහුගේ දෙමාපියන් නිදන කාමරයට ගිය විට දැක ඇත්තේ ගෙල සිර වී දරුවා බිම වැටී සිටින ආකාරයයි.

වහාම ක්‍රියාත්මක වූ දෙමාපියන් දරුවා පුත්තලම මහ රෝහල වෙත රැගෙන ගියද ඒ වනවිටත් දරුවා මියගොස් සිටි බවයි වෛද්‍යවරුන් පවසා ඇත්තේ.

දේහය පිළිබඳව හදිසි මරණ පරීක්‍ෂණය පවත්වා ඇති අතර එහිදී තහවුරු වී ඇත්තේ දරුවාගේ ගෙල සිරවීමෙන් මෙම මරණය සිදුව ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.