29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයුක්තියෙන් තවත් 868ක් අත්අඩංගුවට

යුක්තියෙන් තවත් 868ක් අත්අඩංගුවට

ගතවූ පැය 24 තුළ දිවයින පුරා සිදු කළ මෙහෙයුම්වලින් අපරාධකරුවන් 868ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 536ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 332ක් ද අයත් වන බවයි පොලීසිය පැවසුවේ.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 536 දෙනා අතරින් සැකකරුවන් තිදෙනෙකුට රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් 05ක් පුනරුත්ථාපනය සඳහා යොමු කර තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 27ක්ද අත්අඩංගුවට ගත් පිරිස අතර සිටිනවා.

එමෙන්ම අපරාධ අංශවෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 332 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත් කර සිටි සැකකරුවන් 36ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 279 ක්ද ඇතුළත්.

ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හඳුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 09ක් සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 08ක් ද මෙම මෙහෙයුම්වල දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවයින පුරා සිදුකළ මෙම මෙහෙයුම්වල දී හෙරොයින් ග්‍රෑම් 120ක්, අයිස් ග්‍රෑම් 98ක්, ගංජා කිලෝ 123යි ග්‍රෑම් 600ක්, ගංජා පැල 9,708ක්, මාවා ග්‍රෑම් 249ක්, මදනමෝදක ග්‍රෑම් 137ක් සහ මත්පෙති 31,611ක් පොලිස් භාරයට ගත් බව සඳහන්.