24 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලංවිම බිල් ගෙවන්න ක්‍රමවේද රැසක්

ලංවිම බිල් ගෙවන්න ක්‍රමවේද රැසක්

ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි පාරිභෝගිකයන්ට විදුලි බිල්පත් ගෙවීම සඳහා ක්‍රමවේදයන් රැසක් හඳුන්වා දී තිබෙනවා.

විදුලිබල මණ්ඩලය සඳහන් කළේ නව තාක්ෂණයට අනුගත වෙමින් විදුලි පාරිභෝගිකයින්ට වඩාත් කාර්යක්ෂම ලෙස බිල්පත් ගෙවීම් කටයුතු සිදුකළ හැකි බවයි.

ඒ අනුව CEBCare මොබයිල් ඇප්එක මඟින්, ඔන්ලයින් බැංකු සේවා මඟින්, ලංවිම වෙබ් අඩවිය ඔස්සේ, ඕනෑම ශ්‍රී ලංකා තැපැල් කාර්යාලයක් මඟින්, ලංවිම සහ බැංකු KIOSK යන්ත්‍ර මඟින්, සුපිරි වෙළෙඳසැල්වලින් මෙන්ම mCash මඟින් ද විදුලි බිලපත් ගෙවීමේ පහසුකම පාරිභෝගිකයින්ට හිමිව තිබෙනවා.

එමෙන්ම විදුලි බිල්පත් සම්බන්ධයෙන් උද්ගත වන ගැටලු පිළිබඳව ලංවිම ඇමතුම් මධ්‍යස්ථාන අංකය වන 1987 වෙත යොමු කරන ලෙසයි ලංකා විදුලිබල මණ්ඩලය පාරිභෝගිකයින් වෙත දැනුම්දෙනු ලබන්නේ.