27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකාවට එරෙහි ඇෆ්ගනිස්ථාන සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාවට එරෙහි ඇෆ්ගනිස්ථාන සංචිතය නම් කෙරේ

එලැඹෙන පෙබරවාරි මාසයේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන ටෙස්ට් තරගය සඳහා ඇෆ්ගනිස්ථාන සංචිතය නම්කර තිබෙනවා.

මෙම සංචිතය ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත වන අතර අතර තරගය ලබන 02 වැනිදා කොළඹදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

ඇෆ්ගනිස්ථානය මේ දක්වා ජාත්‍යන්තර ටෙස්ට් තරග 07ක් පමණක් ක්‍රීඩා කර ඇති අතර ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථාන ටෙස්ට් තරගයක දී එකිනෙකා මුණ ගැසෙන්නේ පළමු වතාවටයි.

මෙම ටෙස්ට් තරගයට අමතරව ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට එක්දින සහ විස්සයි විස්ස තරගාවලියක් ද ඇතුළත්.

මේ අතර මෙම තරගාවලි සංචාරය වෙනුවෙන් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම අද (30) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.

ඇෆ්ගනිස්ථාන ටෙස්ට් සංචිතය පහතින්,

හෂ්මතුල්ලා ෂාහිඩි (නායක), ඊබ්‍රාහිම් සද්‍රාන්, අබ්දුල් මලික්, නූර් අලි සද්‍රාන්, රහමට් ෂා (උප නායක), බහිර් ෂා, නසීර් ජමාල්, ඉක්‍රම් අලිඛිල්, මොහොමඩ් ඉෂාක්, කයිස් අහමඩ්, සියා-උර්රෙහ්මාන්, සහීර් ඛාන්, යමින් අහමඩ්සායි, නිජාට් මසූඩ්, මොහොමඩ් සලීම්, නවීඩ් සද්‍රාන්