සමගි ජන බලවේගය අද (30) කොළඹදී විරෝධතාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ජනතාව මුහුණදෙන ප්රශ්නවලට විසඳුම් ලබාදෙන්නැයි ආණ්ඩුවට බලකරමින් ඔවුන් මෙම විරෝධතාව සංවිධානය කර ඇති බවයි වාර්තා වන්නේ.
අද (30) පස්වරු 1.30ට කොළඹ හයිඩ්පාක් පිටියෙන් සහ පංචිකාවත්තෙන් එම විරෝධතාව ආරම්භ කරන බවයි සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කළේ.