27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහරක් කටාගේ අධිකරණ නියෝගය දීර්ඝ කෙරේ

හරක් කටාගේ අධිකරණ නියෝගය දීර්ඝ කෙරේ

අත්අඩංගුවේ පසුවන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ නැමැත්තා දැනට රඳවා සිටින ස්ථානයෙන් වෙනත් ස්ථානයකට රැගෙන යන්නේ නම් ඒ සඳහා අධිකරණය දැනුවත් කර අවසර ලබාගත යුතු බව දන්වා නිකුත් කර තිබෙන අතුරු නියෝගය මාර්තු මස 15 වනදා දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද (30) නියෝග කළා.

හරක් කටාගේ පියා වන නෙල්සන් වික්‍රමරත්න විසින් ඉදිරිපත් කළ පෙත්සමක් අද යළි කැඳවීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු ඩී.එන්. සමරකෝන් විසින් මෙම නියෝගය නිකුත් කළා.

පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා පෙබරවාරි මස 22 වැනිදාට පෙර ගොනුකරන ලෙසත් අධිකරණය විසින් වග උත්තරකරුවන්ට නියෝග කරනු ලැබුවා.

මෙම පෙත්සම ඉකුත්දා සලකා බැලීමෙන් අනතුරුව නියෝගයක් නිකුත් කළ අභියාචනාධිකරණය හරක් කටා දැනට රඳවා සිටින ස්ථානයෙන් පිටතට රැගෙන යන්නේ නම් ඒ සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් සහ අභියාචනාධිකරණයෙන් අවසර ලබාගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණා.

දැනට අත්අඩංගුවේ පසුවන සිය පුත්‍රයාට පනවා තිබෙන රැඳවුම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හරක් කටාගේ පියා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.