23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsAccidenttiktok කරමින් ගිය තරුණයින් දෙදෙනෙක් අනතුරට

tiktok කරමින් ගිය තරුණයින් දෙදෙනෙක් අනතුරට

ජංගම දුරකථනයෙන් tiktok වීඩියෝ කරමින් යතුරුපැදි ධාවනය කළ තරුණයන් දෙදෙනෙක් හොරණ, කෝරලඉම ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ අදාළ තරුණයින් දෙදෙනා මෝටර් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරට පත් වූ යතුරුපැදියේ දෙදෙනා ඉදිරියෙන් ගමන් ගෙන ඇති අතර තවත් යතුරුපැදි තුනක් අධික වේගයෙන් ගමන් ගන්නා අයුරු ජංගම දුරකථනයෙන් වීඩියෝ කරමින් අධික වේගයෙන් යතුරුපැදිය ධාවනය කරමින් සිටියදී මෙම අනතුර සිදු වී ඇති බවයි පොලීසිය පවසන්නේ.

අනතුරින් තුවාල ලැබූ තරුණයින් දෙදෙනා වෑතර දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් යතුරුපැදි තුනක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් එක් පුද්ගලයෙකු යතුරුපැදියත් සමඟ පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.