31.7 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය හෙට

උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය හෙට

මෙවර අපොස උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව පළමු හා දෙවන ප්‍රශ්න පත්‍ර පිළිබඳ විභාගය හෙට (01) පැවැත්වෙන බව විභාග කොමසාරිස් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර පවසනවා.

ඒ අනුව පෙරවරු 8.30 සිට 11.40 දක්වා කෘෂි විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රයත් සවස 1.00 සිට 3.00 දක්වා දෙවන ප්‍රශ්න පත්‍රයත් විභාග අපේක්ෂකයන්ට ලබා දීමට නියමිත බවයි විභාග කොමසාරිස්වරයා සඳහන් කළේ.

මේ මස 08 හා 10 දිනවල පැවති කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍ර පිළිබඳ විභාගය අවලංගු කිරීම හේතුවෙන් මෙම විශේෂ විභාගය පැවැත්වෙන අතර මෙම විභාගයට පෙනී සිටින සියලුම විභාග අපේක්ෂකයන්ට නව විභාග ප්‍රවේශ පත්‍රයක් මේ වනවිට නිකුත් කර තිබෙනවා.