― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsකොළඹ වරායට එන නෞකා ගණන ඉහළට

කොළඹ වරායට එන නෞකා ගණන ඉහළට

කොළඹ වරායට සේන්දු වන නෞකා සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

රතු මුහුද ආශ්‍රිතව පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේයි මෙලෙස පැමිණෙන නෞකා සංඛ්‍යාව ඉහළ ගොස් ඇත්තේ.

වරාය අධිකාරියේ මෙහෙයුම් අධ්‍යක්ෂ යූ. කුමාර පැවසුවේ වසරේ ගතවූ දින 29 තුළ කොළඹ වරායට නෞකා 330කට අධික සංඛ්‍යාවක් සේන්දු වී ඇති බවයි.

ඒ අනුව කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම් සංඛ්‍යාව ද ඉහළ ‍ගොස් තිබෙනවා.

වරාය අධිකාරියට අයත් පර්යන්තවල පමණක් පසුගිය දින 29 තුළ සිදු කළ බහාලුම් මෙහෙයුම් ධාරිතාව පෙර වසරේ එම කාලයට සාපේක්ෂව 60.9% කින් ඉහළ යාමකි.