― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsදේශබන්දුට එරෙහි පෙත්සම් සලකා බැලීමට දින දෙයි

දේශබන්දුට එරෙහි පෙත්සම් සලකා බැලීමට දින දෙයි

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් පෙබරවාරි 27 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

මෙම පෙත්සම අද (31) එස්. තුරෙයි රාජා, ගාමිණී අමරසේකර සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී මෙම පෙත්සමට අදාළව සීමිත විරෝධතා තිබේ නම් ඒවා පෙබරවාරි මස 22 වැනිදාට පෙර ගොනුකරන ලෙස අධිකරණය නියෝග කළා.

ඉන් අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා පෙබරවාරි මස 27 වැනිදා කැඳවන ලෙසත් නියෝග කෙරුණා.

වැඩබලන පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කරන දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු පිරිසක් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.