― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsබෙලිඅත්තේ ඝාතනයට තවත් තිදෙනෙක් අල්ලයි

බෙලිඅත්තේ ඝාතනයට තවත් තිදෙනෙක් අල්ලයි

බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනයට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව සැකකරුවන් දෙදෙනෙක් හුංගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අදාළ අත්අඩංගුවට ගෙන ඇති අතර මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මාතර දී තවත් එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 28, 42, හා 58 යන වයස්වල පසුවන මීගමුව, අලව්ව හා බූස්ස යන ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙකි.

මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඝාතනයට යොදාගත් ටී 56 ගිනිඅවි බැහැර කිරීම සම්බන්ධයෙන් හා අපරාධ සිදුකිරීමේ දී මුදල් ගනුදෙනු සිදුකිරීම සම්බන්ධයෙනි.

සිද්ධිය සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.