― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsසිර මැදිරියේ සිටි තරුණයා හදිසියේම ජීවිතක්ෂයට

සිර මැදිරියේ සිටි තරුණයා හදිසියේම ජීවිතක්ෂයට

අනුරාධපුර මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගත් තරුණයෙක් අද (31) සිර මැදිරිය තුළදී හදිසියේම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම තරුණයා ඇතුළු තවත් තරුණයින් තිදෙනෙකු පොලීසිය විසින්අත්අඩංගුවට ගෙන ඇති අතර මිය ගිය තරුණයා පොලිස් සිරමැදිරිය තුළදී හදිසියේම රෝගාතුර වීම හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අනුරාධපුර දෙවන පියවරෙහි පදිංචි ශානුක ගිහාන් මාරඹගේ නමැති වයස අවුරුදු විසි දෙකක පවුලේ එකම පිරිමි දරුවායි.

මියගිය තරුණයාගේ මව විදේශගතව සිටින බවත් ආච්චි සහ සීයාගේ රැකවරණය යටතේ මියගිය තරුණයා ජීවත්වන බවත් පවුලේ ඥාතීන් සඳහන් කරනවා.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙම මරණය පිළිබඳව සැක සහිත බවත් පොලිස් අත්අඩංගුවෙන් පසු කිසියම් දෙයක් සිදුව ඇති බවත්ය.

මත්ද්‍රව්‍යවලට සම්බන්ධව සැකපිට මෙම තරුණයා ඇතුළුව ඔහුගේ තවත් මිතුරන් තිදෙනෙකු අනුරාධපුර විශේෂ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් ඔවුන්ගේ නිවසේ සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන්ගේ ඥාතීන් පොලිසියට ගිය විටදී තරුණයන්ට අවශ්‍ය ආහාර ලබා දී යළිත් නිවසට පැමිණ ඇති අතර පස්වරුවේ ඥාතීන්ට කිසියම් අයෙකු විසින් දුරකථන මගින් දැනුම්දී තිබෙන්නේ තරුණයා හදිසියේ රෝගීවීම හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවත් ඔවුන්ට රෝහලට කඩිනමින් පැමිණෙන ලෙසත්ය.

එම දැනුම්දීමට අනුව එහි ගිය ඥාතීන්ට දැකගැනීමට හැකි වී තිබෙන්නේ මියගිය තරුණයාගේ නිසල දේහයයි.

මේ පිළිබඳව පොලිසියෙන් සිදුකළ විමසීමේදී උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ මත්ද්‍රව්‍ය භාවිතයට නොමැතිවීම හේතුවෙන් සිදුවූ සංකූලතාවයක් හේතුවෙන් ඔහු සිර මැදිරිය තුළදී රෝගී වූ බවයි.

ඉන්පසුව කඩිනමින් තරුණයා රෝහල්ගත කළ බවත් එහිදී ඔහූ ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ඔහු ඥාතීන් හමුවේ පවසා තිබෙනවා.