24.5 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආබාධිත පොලිස් නිලධාරීන්ට අවුරුදු 55 දක්වා උසස්වීම්

ආබාධිත පොලිස් නිලධාරීන්ට අවුරුදු 55 දක්වා උසස්වීම්

යුද්ධයේදී ආබාධිත වූ පොලිස් විශ්‍රාමික රණවිරුවන්ට වයස අවුරුදු 55 දක්වා උසස්වීම් හා ඊට අදාළ වැටුප් ක්‍රමවේදයක් සකස් කිරීමට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුව තිබෙනවා.

සරත් වීරසේකරගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභාව රැස්වූ අවස්ථාවේ මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

තමන් සේවයේ යෙදී සිටියා නම් ලැබීමට නියමිතව තිබූ උසස්වීමට අදාළ තනතුරු නාමය ද, එයට අනුරූපී වැටුප සමඟ ලබාදෙන ලෙසයි ආබාධිත පොලිස් නිලධාරීන්ගේ නියෝජිතයින් එහිදි කාරක සභාවෙන් ඉල්ලා සිටියේ.

එමෙන්ම ආබාධිත පොලිස් රණවිරුවන්‍ට ප්‍රතිකාර ගැනීම සඳහා පොලිස් රෝහලේ වෙනම කවුළුවක් විවෘත කිරීමට කටයුතු කරන ලෙස කාරක සභා සභාපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදුන් බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.