23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම අද (31) අලුයම දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ එක්දින සීමිත ඕවර් 50 ටෙස්ට් තරග 03 කට සහ විස්සයි විස්ස තරග 03 කට සහභාගී වීම සඳහායි.

ක්‍රීඩකයන්, පුහුණුකරුවන් සහ නිලධාරීන් ඇතුළු 28 දෙනෙක් දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තරගාවලියේ ටෙස්ට් තරගය එළඹෙන පෙබරවාරි මස 02 වැනිදා සිට 06 වැනිදා දක්වා කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ පැවැත්වීමට නියමිත අතර එම තරගය නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

එක්දින සීමිත ඕවර් 50 ක්‍රිකට් තරග 03 මහනුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී පෙබරවාරි මස 09, 11 සහ 14 ‍‍යන දිනවලදී පැවැත්වීමට නියමිතය.

විස්සයි විස්ස ක්‍රිකට් තරග 03 දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පෙබරවාරි මස 17 , 19 සහ 21 යන දිනවල පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.