30 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකරුවලගස්වැව වෙඩි තැබීමක්

කරුවලගස්වැව වෙඩි තැබීමක්

කරුවලගස්වැව වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ කරුවලගස්වැව, බුද්ධි ධීවර ගම්මානය ප්‍රදේශයේ ඊයේ (30) රාත්‍රීයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු පුත්තලම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ අවුරුදු 40ක් වූ පාවට්ටාමඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලීසිය පවසන්නේ.

තුවාලකරු කාන්තාවක් සමඟ අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇති අතර එම කාන්තාව සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පැවැත්වූ වෙනත් පුද්ගලයෙකු විසින් බෝර 12 ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා මේ වනවිට ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.