32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකෙහෙළියට එරෙහි නඩුවක් කල් යයි

කෙහෙළියට එරෙහි නඩුවක් කල් යයි

අල්ලස් කොමිසම විසින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන අයට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක් පවත්වාගෙන යාමට නොහැකි බවට මතුකර තිබෙන මූලික විරෝධතාව පිළිබඳ තීන්දුව පෙබරවාරි මස 16 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය අද (31) නියෝග කළා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මූලික විරෝධතා මතුකරමින් මෙම නඩුව නීතිය ඉදිරියේ පවරා පවත්වාගෙන යාමට නොහැකි බවත් එය නිෂ්ප්‍රභ කරන ලෙසත් දන්වමින් මූලික විරෝධතා මතු කළා.

එම මූලික විරෝධතා පිළිබඳව කරුණු සලකා බැලූ අධිකරණය එහි නියෝගය පෙබරවාරි මස 16 වැනිදා ප්‍රකාශයට පත්කරන බව නියෝග කළා.

කෙහෙළිය රබුක්වැල්ල ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ 2012 වසරේ මාර්තු මස 15 වැනිදා සහ ඒ වසරේ අප්‍රේල් මස 15 වැනිදා දක්වා කාල සීමාව තුළ ඔහුගේ පෞද්ගලික ජංගම දුරකථනයට අදාළ වන රුපියල් දෙලක්ෂ තිස්දාහක මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල් වලින් ගෙවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබෙනවා.