32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsගොවි පවුල් ලක්ෂ 20කට ඉඩම් ඔප්පු

ගොවි පවුල් ලක්ෂ 20කට ඉඩම් ඔප්පු

කෘෂිකාර්මික අංශය සවිබල ගැන්වීම සහ අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ අයවැය යෝජනාවක් ලෙස ‘උරුමය’ ව්‍යාපෘතිය හදුන්වාදෙනු ලැබුවා.

ඒ අනුව ගොවි පවුල් ලක්ෂ 20කට ඉඩම් ඔප්පු ලබාදීමේ ජාතික උත්සවය එළඹෙන පෙබරවාරි මස 5 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය හරහා සෑම ගමක්ම ව්‍යවසායක ගම්මානයක් බවට පත් කරමින් අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීම මෙම ව්‍යාපෲතියේ මූලික අරමුණ බව සඳහන්.

එසේම මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියක් බිලියන දෙකක මුදලක් දැනට වෙන් කර ඇති අතර ඒ අනුව උරුමය ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ඉඩම් ඔප්පු 10,000ක් ලබා දීමට සංචාරක හා ඉඩම් අමාත්‍යංශය මේ වනවිට කටයුතු සූදානම් කර අවසන්.

සුවිශේෂී වැඩපිළිවෙලක් යටතේ මෙම ඔප්පු ප්‍රධානය කිරීමේ ජාතික උත්සවය එළඹෙන පෙබරවාරි 05 වැනිදා රන්ගිරි දඹුලු ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.