26.7 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතවත් පවුල් දස ලක්ෂයකට අස්වැසුම ජූලි මස සිට

තවත් පවුල් දස ලක්ෂයකට අස්වැසුම ජූලි මස සිට

මෙතෙක් ප්‍රතිලාභ නොලැබුණු, අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ඇති පවුල් දස ලක්ෂයකට ලබන ජූලි මාසයේ සිට ගෙවීම් කටයුතු සිදු කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවා.

අස්වැසුම ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දෙවැනි වටය සඳහා අයදුම්පත් කැඳවීම මේ වසරේ මුල් කාර්තුවේ සිදු කර ජුනි මාසයේදී සියලු කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව ජූලි සිට ගෙවීම් සිදු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

අවදානමට ලක් වූ සමාජ කාණ්ඩය සඳහා ප්‍රතිලාභ හිමි වලංගු කාලය අප්‍රේල් මස 01 වැනිදා සිට දෙසැම්බර් 31 වැනි දින දක්වාත් සංක්‍රාන්තික සමාජ කාණ්ඩය සඳහා ප්‍රතිලාභ හිමි වලංගු කාලය ජනවාරි 01 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වාත් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.