26 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsදේශපාලනයෙන් සමුගන්නා දවස රොෂාන් කියයි

දේශපාලනයෙන් සමුගන්නා දවස රොෂාන් කියයි

තමා වයස අවුරුදු 65ට පෙර දේශපාලනයෙන් සමුගෙන රටට නව ආදර්ශයක් ලබාදීමට සූදානම් බව රොෂාන් රණසිංහ පවසනවා.

නුගේගොඩ ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමිනුයි මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ.

රාජ්‍ය සේවයේ විශ්‍රාම යා යුතු සීමාව දේශපාලනයට ද වලංගු විය යුතු බවයි මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේ.

කවදාහරි මගේ ඇස්පෙනීම අඩුවෙයි, කවදාහරි මගෙත් කං ඇහීම අඩුවෙයි. හැබැයි ඒක තමයි යතාර්ථය. ඇයි රාජ්‍ය සේවය අවුරුදු 60න් විශ්‍රාම යන්නේ?. විනිසුරුවරයෙකුටත් සේවය කරන්න පුළුවන් අවුරුදු 65යි. ආණ්ඩුකාරවයෙකුගේ වයස අවුරුදු 80ක් වුණාම පසුගිය ඉතිහාසයේ, ඔහුට හොඳ සිහිකල්පනාවක් තියෙනවාද වැඩකරන්න. මගේ දේශපාලන ජීවිතයේ අපි ආදර්ශයක් දෙනවා. දේශපාලනයෙන් අවුරුදු 65ට කලින් අපි විශ්‍රාම යන්න සූදානම්. මෙතන ඉන්න සියලුදෙනාම එහෙමයි. ඒ ආදර්ශය අපි දෙන්න සූදානම්.