― political ―

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
HomeHot News"නිවාඩුවක් ගත කිරීමට නම් ශ්‍රී ලංකාවට යන්න"

“නිවාඩුවක් ගත කිරීමට නම් ශ්‍රී ලංකාවට යන්න”

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය තුළ ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දුන් සහය ශ්‍රී ලාංකික පුරවැසියන් අතර ඉන්දියාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් පවසනවා.

ඉන්දියාවේ පැවති උත්සවයක් අමතමින් ඔහු සදහන් කර ඇත්තේ “මම ඔබට ලබා දෙන පළමු අවවාදය මෙයයි. ඊළඟ වතාවේ ඔබට නිවාඩුවක් ගත කිරීමට යාමට අවශ්‍ය නම්, ශ්‍රී ලංකාවට යන්න. මම මෙය පවසන්නේ වගකීමක් ඇතුවයි” යනුවෙනි.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේදී ලෝකයේ සෙසු රටවල් ශ්‍රී ලංකාවට පිටුපාද්දී, ඉදිරියට පැමිණි එකම රට ඉන්දියාව බවත් ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පුරවැසියා ඉන්දියාව කෙරෙහි ඉහළ ප්‍රශංසාවක් දක්වන බවත් ඔහු එහිදී පැහැදිලි කළේය.

මම ශ්‍රී ලංකාවට ගිය අවස්ථාවේ ඉන්ධන පෝලිම්, ආහාර සහ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය සියැසින්ම දුටුවෙමි. මේ අවස්ථාවේ ඉදිරිපත් වූ එකම රට ඉන්දියාවයි.” අමාත්‍ය ජයශංකර් සිය සංචාරයේදී තමා නිරීක්ෂණය කළ දරුණු තත්වයන් ආවර්ජනය කළේය.

ශ්‍රී ලංකා පුරවැසියන් අතර ඉන්දියාවේ ප්‍රතිරූපය කෙරෙහි ඇති ධනාත්මක බලපෑම ඉස්මතු කරමින්, ආර්ථික අභියෝග මධ්‍යයේ ශ්‍රී ලංකාවට ඉන්දියාව ලබා දෙන ආධාරයේ වැදගත්කම ද ඔහු අවධාරණය කළේය.

අර්බුදය අතරතුර ඉන්දියාව ශ්‍රී ලංකාවට අමෙරිකා ඩොලර් බිලියන 4.5 ක සැලකිය යුතු මුදලක් ලබා දීමට පොරොන්දු වූ අතර එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් පිරිනමන ආධාර අභිබවා ගියේය.