29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපණුවන් සමඟ බූන්දි අළෙවි කළ අයෙක් අත්අඩංගුවට

පණුවන් සමඟ බූන්දි අළෙවි කළ අයෙක් අත්අඩංගුවට

පණුවන් සහිත පැණි බූන්දි අලෙවි කළ ව්‍යාපාරිකයෙක් කැකිරාව නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ලද පැමිණිල්ලකට අනුව සිදුකළ වැටලීමකදී කැකිරාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මෙම පණුවන් සහිත පැණි බූන්දි අලෙවි කළ ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුඩා දරුවෙකුට ලබාදීම සඳහා අදාළ ව්‍යාපාරික ස්ථානයෙන් පැණි බූන්දි මිලදී ගත් පාරිභෝගිකයෙක් එහි පණුවන් සිටින බව දැක ඇති අතර පසුව ඔහු පණුවන් සහිත එම බූන්දි මල්ල කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය වෙත ඉදිරිපත් කර ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුවයි අදාළ ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ආහාර පනතෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට පැවරී ඇති බලතල අනුව අත්අඩංගුවට පත් ව්‍යාපාරිකයා සතුව තිබූ අලෙවියට සූදානම් කර තිබූ බව කියන එම පැණි බූන්දි තොගය විනාශ කිරීමට ද සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

මිනිස් පරිභෝජනයට නුසුදුසු කිලෝ 15ක පමණ පැණි බූන්දි තොගයක් මෙලෙස විනාශ කළ බවයි කැකිරාව සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ.

මෙලෙස සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ කැකිරාව බස් නැවතුම්පල ආශ්‍රිතව රසකැවිලි අලෙවිසැලක් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරිකයෙකි.

අත්අඩංගුවට පත් එම ව්‍යාපාරිකයා දන්වන දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටීමේ කොන්දේසිය මත රුපියල් 50,000ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කැකිරාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පියවර ගෙන තිබෙනවා.