පනත් කෙටුම්පත් දෙකකට කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (31) සිය සහතිකය සටහන් කර තිබෙනවා.
ඒ අනුව සමථකරණයෙන් ඇතිවන්නා වූ අන්තර්ජාතික නිරවුල්කරණ ගිවිසුම් පිළිගැනීමේ සහ බලාත්මක කිරීම පනත් කෙටුම්පත සහ නොතාරිස් (සංශෝධන) පනත් කෙටුම්පත අද (31) සිට බලාත්මකයි.
එම පනත් කෙටුම්පත් 2024 අංක 5 දරන සමථකරණය තුළින් ඇතිවන්නා වූ අන්තර්ජාතික නිරවුල්කරණ ගිවිසුම් පිළිගැනීමේ සහ බලාත්මක කිරීම පනත් කෙටුම්පත සහ 2024 අංක 6 දරන නොතාරිස් (සංශෝධන) පනත ලෙස බලාත්මක වනු ඇති.