― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsබලෙන් තරුණියක් කෙළෙසූ සිවුදෙනෙක් අත්අඩංගුවට

බලෙන් තරුණියක් කෙළෙසූ සිවුදෙනෙක් අත්අඩංගුවට

26 හැවිරිදි තරුණියක් දූෂණය කළ තැපැල් සේවකයින් සිව්දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රුවන්වැල්ල සහ ඉඹුලාන තැපැල් කාර්යාලවල සේවය කරන තැපැල් සේවකයින් සිව්දෙනෙක් බවයි පොලීසිය පවසන්නේ.

කන්නන්තොට ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණියක් පසුගිය සිකුරාදා මව සමඟින් රුවන්වැල්ල නගරයේ පිහිටි තැපැල් කාර්යාලයකට ගොස් ඇති අතර එහිදී ඔවුන්ට උපකාර කළ සේවකයකු වන 27 හැවිරිදි තරුණයෙකු උපකාරයක් අවශ්‍ය නම් කතා කරන්නැයි අදාළ තරුණියට දුරකථන අංකය ලබා දී, ඇයගේ දුරකථන අංකය ද ඔහු ලබාගෙන තිබෙනවා.

පසුව එම තරුණයා මෙම තරුණිය හා සුහදත්වයක් ඇති කරගනිමින්, තරුණිය කන්නන්තොට පිහිටි නිවස වෙත ගෙන්වා ගෙන දූෂණයට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.

තරුණිය තමන්ගේ නිවසට පැමිණි පසු ඔහු රුවන්වැල්ල සහ ඉඹුලාන තැපැල් කාර්යාලවල සේවය කරන සිය මිතුරන් තිදෙනෙකුද නිවසට ගෙන්වාගෙන තිබෙනවා.

අනතුරුව මොවුන් සිව්දෙනාම තරුණිය වරින් වර බලහත්කාරයෙන් දූෂණයට ලක්කර ඇති අතර ඉන් බිය වූ තරුණිය මේ බව කිසිවෙකුට පවසා නැහැ.

තරුණිය දුරකථනයෙන් කතා කරමින් තැපැල් සේවකයාගේ නිවස දෙසට යන ආකාරය තරුණියගේ වැඩිමහල් සොහොයුරාගේ මිතුරෙකු දැක පවසා තිබෙනවා.

මේ අනුව වැඩිමහල් සොහොයුරා විසින් තරුණියගෙන් ප්‍රශ්න කිරීමේදී ඇය සියල්ල පවසා ඇති අතර තරුණියගේ මව මේ පිළිබඳව රුවන්වැල්ල පොලීසියට ද පැමිණිලි කර ඇත.

මේ අනුව තරුණිය වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමටත් ඇයව දූෂණයට ලක් කළැයි කියන තැපැල් සේවකයින් අත්අඩංගුවට ගැනීමටත් රුවන්වැල්ල පොලීසිය කටයුතු කර තිබෙනවා.