මන්නාරම දූපතේ සුළං බල මධ්‍යස්ථානයක් ඉදි කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ ඇමරිකා ඩොලර් මිලියන 47ක මුදලක් වැය කර අතිරේක ටයිබයින හයක් සවිකිරීම මගින් විදුලි උත්පාදනය ඉහළ නංවා ගැනීම මෙහි අරමුණ වී ඇත.
පෞද්ගලික අංශයේ ආයෝජකයින් මගින් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම රජයේ අදහස වී ඇති අතර වසර විස්සක මෙහෙයුම් කාලසීමාවක් සහිතව අදාල බලාගාරයේ ඉදිකිරීම් කටයුතු කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.