25.6 C
Colombo
Wednesday, November 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහීෂ් තීක්ෂණ කඩුලුලාභීන් අතර පළමු තැනට

මහීෂ් තීක්ෂණ කඩුලුලාභීන් අතර පළමු තැනට

එක්සත් අ‍රාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ‘ඉන්ටර්නැෂනල් ලීග් ටී20’ තරගාවලියේ තරග 14ක් අවසාන වන විට වැඩිම කඩුලු ලාභීන් අතර පළමු ස්ථානය හිමිකර ගැනීමට මහීෂ් තීක්ෂණ සමත් වී තිබෙනවා.

තරගාවලියේ ‘සාජා වොරියර්ස්’ කණ්ඩායම නියෝජනය කරන මහීෂ් පෙරේදා ‘ඩුබායි කැපිටල්ස්’ කණ්ඩායම සමග පැවැති තරගයේදී කඩුලු 4ක් දවාගත් අතර ඒ අනුවයි ඔහුට පළමු ස්ථානය හිමි වී ඇත්තේ.

වැඩිම කඩුලු ලාභියා වූ ඔහු තරගාවලියේ තරග 14ක් අවසාන වන විට තරග 5කට ක්‍රීඩා කර කඩුලු 11ක් දවා ගමිනිම් මහීෂ් තීක්ෂණ තරගයේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට සමත් විය.

දුශ්මන්ත චමීර සහ වනිඳු හසරංග පිළිවෙළින් කඩුලු 7ක් සහ 6ක් දවා ගෙන එම ලැයිස්තුවේ 6 සහ 7 යන ස්ථානවල පසු වනවා.