29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමෙක්සිකෝවේ අනතුරකින් 19ක් ජීවිතක්ෂයට

මෙක්සිකෝවේ අනතුරකින් 19ක් ජීවිතක්ෂයට

මෙක්සිකෝවේ අධීවේගී මාර්ගයක සිදූ වු රිය අනතුරකින් 19 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙක්සිකෝවේ ලක්කෲස් ප්‍රදේශයේ අධීවේගී මාර්ගයක ධාවනය වෙමින් තිබූ බස් රථයක් සහ ට්‍රක් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙම අනතුරෙන් තවත් 22 දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ දී බස් රථයේ මගීන් 50 දෙනෙකු ගමන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අනතුරෙන් පසු බස් රථය ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා.