30 C
Colombo
Wednesday, September 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයුක්තියෙන් සැකකරුවන් 729ක් අත්අඩංගුවට

යුක්තියෙන් සැකකරුවන් 729ක් අත්අඩංගුවට

දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 499 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 230 ක් සමගින් මුළු සැකකරුවන් 729 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී හෙරොයින් 146g, අයිස් 119g, ගංජා 945g, ගංජා පැල 6,241, ඈෂ් 308g, මාවා 614g, මදනමෝදක 254g ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 499 දෙනා අතරින් සැකකරුවන් 03 කට රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් 04 ක් පුනරුත්ථාපනය සඳහා යොමු කර ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 03 ක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 230 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 19 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 204 ක්ද සිටි.

ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 01ක් සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 06ක්ද මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන ඇත.