28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමාර්ක් සකර්බර්ග් සමාව ඉල්ලයි

මාර්ක් සකර්බර්ග් සමාව ඉල්ලයි

තම දරුවන්ට සමාජ මාධ්‍ය මගින් හානි වූ බව පවසන පවුල්වලින් මෙටා ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් සමාව අයැද සිටියා.

ඔහු මෙලෙස ප්‍රසිද්ධියේ සමාව ඇයද සිටියේ මෙටා සමාගම ඇතුළු ලොව ප්‍රමුඛතම සමාජ මාධ්‍ය ජාල හිමි සමාගම්වල ප්‍රධානීන් එක්සත් ජනපද සෙනෙට් සභාව හමුවට කැඳවීමෙන් අනතුරුවයි.

මෙලෙස කැඳවුම් ලබා සිටි සමාජ මාධ්‍ය ජාල හිමි සමාගම්වල ප්‍රධානීන්ගෙන් සෙනෙට් සභාව පැය හතරකට ආසන්න කාලයක් ප්‍රශ්න කළ බවයි විදෙස් මාධ්‍ය වර්තා කළේ.

මෙම අවස්ථාවට මාර්ක් සකර්බර්ග් සමඟ X ප්‍රධාන විධායක ලින්ඩා යකරිනෝ, ස්නැප් ප්‍රධාන විධායක ඉවාන් ස්පීගල්, ටික්ටොක් ප්‍රධාන විධායක ෂෝ සී චූ සහ ඩිස්කොර්ඩ් සමාගමේ ප්‍රධාන විධායක ජේසන් සිට්‍රොන් යන අය එක්ව සිටියා.

මෙම කැඳවීමේදී නීති සම්පාදකයින්ට අවශ්‍ය වූයේ අන්තර්ජාලය හරහා ළමයින් ආරක්ෂා කිරීමට ඔවුන් කරන්නේ කුමක් ද යන්න දැන ගැනීම බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් දක්වා තිබුණේ.