― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsනව අස්වැසුම ප්‍රතිලාභීන්ට අයදුම්පත් කැඳවීම 10 වැනිදා සිට

නව අස්වැසුම ප්‍රතිලාභීන්ට අයදුම්පත් කැඳවීම 10 වැනිදා සිට

නව අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 04ක් තෝරාගැනීම සඳහා අයදුම්පත් කැඳවීම පෙබරවාරි මස 10 වනදා වන විට ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව ලක්ෂ 20ක් පමණ වූ අස්වැසුම ප්‍රතිලාභීන් සංඛ්‍යාව තවත් ලක්ෂ 04 කින් වැඩිකිරීම මෙමඟින් සිදුකෙරෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අද (01) උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙම ප්‍රතිලාභීන් තෝරාගැනීමේ දී විවිධ පාර්ශ්වවලින් ලද යෝජනා අනුව නිර්ණායක සංශෝධනය කිරීම කෙරෙහි ද අවදානය යොමුව ඇති බවයි.

එම පවුල් තෝරා ගැනීමේ දී සිදුවූ නිර්ණායකවලට බර තැබීමේ දී යමෙකුට මෙම වැඩපිළිවෙලට අයදුම් කිරීමට නොහැකි වූයේ නම් එමගින් ඔවුන්ට ද අයදුම් කිරීමට අවස්ථාව උදාවන බව ඔහු සඳහන් කළා.

මේ වන විට අස්වැසුම ප්‍රතිලාභ හිමිවන පරණ ප්‍රතිලාභීන්ට මේ සඳහා අයදුම් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් එම අයදුම්කරුවන් ලබාදුන් තොරතුරු තහවුරු කර ගැනීමට රජය බලාපොරොත්තු වන බවද පැවසුවා.

පසුගිය වසරේදී අස්වැසුම ප්‍රතිලාභීන්ට ප්‍රතිලාභ ලබාදීම සඳහා ලෝක බැංකුවෙන් ප්‍රතිපාදන ලබාදුන්න ද මෙම වසරේ මහා භාණ්ඩාගාරය මඟින් ඊට ප්‍රතිපාදන ලබාදෙන බවත් රුපියල් බිලියන 205ක මුදල සපයා ගැනීම සඳහා රාජ්‍ය ආදායම වර්ධනය කරගැනීම සඳහා වූ සැලසුම් සියල්ල සකස් කර ඇති රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.