32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsයුක්තියෙන් තවත් අපරාධකරුවන් 878ක් කොටු

යුක්තියෙන් තවත් අපරාධකරුවන් 878ක් කොටු

ගතවූ පැය 24 තුළ දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලින් අපරාධකරුවන් 878ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගත් පිරිස අතරට මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 649ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 229ක් අයත් වන බවයි පොලීසිය පැවසුවේ.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 649 දෙනා අතරින් සැකකරුවන් 06කට රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් 04ක් පුනරුත්ථාපනය සඳහා යොමුකර තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 15ක් ද අත්අඩංගුවට ගත් පිරිස අතර සිටිනවා.

එසේම අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 229 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 26ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 192ක් ඒ අතරට අයත්.

ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 03ක් සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 08ක් ද මෙම මෙහෙයුම්වල දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලන් හෙරොයින් ග්‍රෑම් 130ක්, අයිස් ග්‍රෑම් 134 ක්, ගංජා කිලෝ 01 ග්‍රෑම් 200ක්, මාවා ග්‍රෑම් 136ක්, මදනමෝදක කිලෝ 01 ග්‍රෑම් 100ක් සහ මත්පෙති 2,211ක් පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.