― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsආධුනික කොස්තාපල්වරියකට හදි කළ OIC සොයා විමර්ශන

ආධුනික කොස්තාපල්වරියකට හදි කළ OIC සොයා විමර්ශන

ආධුනික කාන්තා පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර සිදුකළ බව කියන කල්පිටිය පොලීසියේ ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකිරීමට වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කටයුතු කර තිබෙනවා.

එම විමර්ශන කටයුතු කටුපොත පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරියට පැවරීමට ද පළා‍ත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කටයුතු ඇති බවයි වාර්තා වන්නේ.

කල්පිටිය පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරන පොලිස් පරීක්ෂකවරයාට මීට පෙර අවස්ථා කීපයක දී ලිංගික හිරිහැර සහ මූල්‍ය ගැටළු සම්බන්ධයෙන් චෝදනාවන් එල්ල වූ අයෙක් බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එම පොලිස් පරීක්ෂකවරයාව වහාම ක්‍රියාත්මක වන පරිදි උතුරු මැද පළාතට ස්ථාන මාරු කිරීමට හිටපු පොලිස්පතිවරයා කටයුතු කර තිබුණා.

මේ අතර පසුගිය දිනක තම පොලිස් ස්ථානය තුළදී ආධුනික කාන්තා පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කිරීමට කල්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධියට මුහුණ දුන් ආධුනික පොලිස් කොස්තාපල්වරිය මේ බව ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරීවරයෙකුට පවසා තිබෙනවා. සහකාර පොලිස් අධිකාරීවරයා විසින් මේ බව පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට සහ දිසාව භාර නියෝජ්‍ය පොලිස්වරයාට දැනුම්දීමටයි කටයුතු කර ඇත්තේ.

මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස වැඩ බලන පොලිස්පතිවරයා විසින් වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් සහ නියෝග මත කටුපොත පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරිය විසින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

අතවරයට මුහුණ දුන් බව කියන ආධුනික කාන්තා පොලිස් කොස්තාපල්වරිය සමඟ එකට සේවය කරන සෙසු පොලිස් කොස්තාපල්වරියන්ගෙන් ද මේ වන විට ප්‍රකාශ ලබාගැනීමට කටයුතු කර ඇති බව සඳහන්.

මේ අතර ඉකුත් 29 වැනිදා කටුපොත පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ භාර පොලිස් පරීක්ෂකවරියක් සිද්ධියට සම්බන්ධ පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට කල්පිටිය පොලීසියට පැමිණ තිබෙනවා.

නමුත් ඒ වනවිට පොලිස් ස්ථානාධිපතිවරයා අසනීප නිවාඩු වාර්තා කර පොලිස් ස්ථානයෙන් පිටතට ගොස් සිට ඇති බවයි වාර්තා වන්නේ.