― political ―

අර්චුනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලූ පෙත්සමට අධිකරණයෙන් ලැබුණු නියෝගය

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධුරය අවලංගු කරන ලෙස - අභියාචනාධිකරණයේ විරෝධතා ඉදිරිපත් කිරීමට කල් දෙයි අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් විසින් ගොනු කර...
HomeHot Newsබෙලිඅත්තේ වෙඩික්කරුවන් ඩුබායි රාජ්‍යයට පළා යයි

බෙලිඅත්තේ වෙඩික්කරුවන් ඩුබායි රාජ්‍යයට පළා යයි

අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු 05 දෙනෙකු බෙලිඅත්ත ප්‍රදේශයේ දී වෙඩි තබා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකාරිය වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරුගේ 39 හැවිරිදි බිරිඳ බවයි වාර්තා වන්නේ.

මෙහිදී ප්‍රධාන වෙඩික්කරුගේ පියා ද පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පල්ලෙවෙල පොලිස් වසමේ නො. 7/1, පාතගම, මුද්දරගම. ලිපිනයේ සැගවී සිටිය දී මොවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මෙම ඝතනයට සම්බන්ධ ප්‍රධාන වෙඩික්කරු සහ තවත් වෙඩික්කරුවන් දෙදෙනෙකු අපරාධ සිදුකිරීමෙන් පසු ඩුබායි රාජ්‍යයට පළාගොස් ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

ඔවුන්ට රටින් පළායාම සඳහා ඩුබායි රාජ්‍යයේ සිටින නිපුන නැමැත්තා විසින් ගුවන් ටිකට්පත් සකසා දී ඇති බවටයි කරුණු හෙළිව ඇත්තේ.

මේ වනවිට ඩුබායි රාජ්‍යට පළාගොස් සිටින ප්‍රධාන වෙඩික්කරු කලක් නාවික හමුදාවේ සේවය කර විශ්‍රාම වැටුප් ලබන නාවික හමුදා සෙබලෙකු බවයි වාර්තා වන්නේ.

දැනට සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ පාතාල කල්ලි නායක හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කොස්ගොඩ සුජීගේ සමීපතමයෙකු වන දැනට ඩුබායි රාජ්‍යයේ සැගව සිටින හරේන්ද්‍ර ගුණතිලක නොහොත් හර්ෂ නැමැත්තාගේ මෙහෙයවීමෙන් මෙම අපරාධය සිදුකර ඇති බවයි.