ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය (IDA) වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක ණය පහසුකමක් ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර ඇති බව මුදල් අමාත්‍යංශය පවසනවා.
මූල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහායි මෙරට රජය විසින් එම ණය මුදල සඳහා ඉල්ලුම් කර ඇත්තේ.
ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය ශක්තිමත් කිරීම තුළින් මෙරට මූල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමට මෙම ව්‍යාපෘතිය දායක වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ මෙම මූල්‍ය ගිවිසුම සඳහා පසුගියදා අත්සන් තැබූ බවයි.