30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසෞඛ්‍ය වර්ජනය අඛණ්ඩව අදත්

සෞඛ්‍ය වර්ජනය අඛණ්ඩව අදත්

සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් ඊයේ (01) උදෑසන ආරම්භ කළ දීපව්‍යාප්ත වැඩ වර්ජනය අද (02) දිනයේත් ක්‍රියාත්මක වනවා.

වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000ක ඩැට් දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹ තිබෙනවා.

ඊයේ ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් රෝහල්වල දෛනික කටයුතු අඩාල වූ අතර ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි රෝගීන් දැඩි අපහසුතාවයකට පත් වුණා.

කෙසේ වෙතත් රෝහල්වල කටයුතු අඩාලවීමට නොදී පවත්වාගෙන යාම වෙනුවෙන් හමුදා භටපිරිස් රෝහල් වෙත යෙදවීමට ද කටයුතු කර තිබුණා.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත සෞඛ්‍ය වෘත්තීය සමිති පැවසුවේ තම ඉල්ලීම පිළිබඳව රජයේ බලධාරීන් දැනුවත් කළ ද ඒ සඳහා සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණු බවයි.

මේ අතර අද (02) දිනයේ රැස්වෙන වෘත්තීය සමිති නායකයින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ ඉදිරි තීරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.