27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsචිලී රාජ්‍යයේ ලැව්ගින්නක් - 112ක් ජීවිතක්ෂයට

චිලී රාජ්‍යයේ ලැව්ගින්නක් – 112ක් ජීවිතක්ෂයට

චිලී රාජ්‍යයේ පැතිර යන ලැව්ගිනි හේතුවෙන් මේ වනවිට 112 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ චිලී රාජ්‍යයේ වල්පරයිසෝ ප්‍රදේශයේ මෙලෙස ලැව්ගිනි පැතිර යන බවයි.

චිලී ජනාධිපති ගේබ්‍රියෙල් බෝරික් එරට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ලැව්ගිනි තත්ත්වය පාලනයට අවශ්‍ය සියලු සම්පත් ලබාදෙන බව එරට ජනාධිපතිවරයා පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

චිලී දේශයෙන් වාර්තා වූ මාරාන්තික ලැව් ගින්න ලෙසයි මෙම ලැව් ගින්න සැලකෙන්නේ. මෙ හේතුවෙන් පීඩාවට පත් වූවන්ගෙන් බොහෝ දෙනෙක් ගිම්හාන නිවාඩු කාලය තුළ වෙරළබඩ කලාපයට පැමිණි අය බවයි වාර්තා වන්නේ.

විපතට පත් ප්‍රදේශවලට ගලවා ගැනීමේ සේවා කණ්ඩායම් ළඟා වීමට කටයුතු කර ඇති අතර පැවසුවේ ඉදිරි පැය කිහිපය තුළ මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි චිලී අභ්‍යන්තර කටයුතු අමාත්‍ය කැරොලිනා ටෝහා පවසන්නේ.

එමෙන්ම චිලී රජය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ලැව්ගිනි පවතින ප්‍රදේශවලට නොයන ලෙසයි.