26 C
Colombo
Thursday, February 22, 2024

ශ්‍රී ලංකාවට කඩුළු 10ක විශිෂ්ඨ ජයක්

ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පැවති කුළුඳුල් ටෙස්ට් තරගයේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (05) සමත් වුණා.

කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගය ශ්‍රී ලංකාව කඩුලු 10කින් ජය ගනු ලැබුවා.

මෙම තරගයේ ශ්‍රී ලංකා ආරාධනයෙන් පළමුව ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථානය සියල්ලන් දැවී ලකුණු 198ක් රැස් කිරීමට සමත් වුණා.

ඊට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සඳහා කඩුලු 09ක් දැවී ලකුණු 439ක් රැස් කළා. එහිදී ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් සාර්ථක සබඳතාවක් ගොඩනඟමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළේ ක්‍රීඩකයින් දෙදෙනාම ශතක රැස්කරමින්.

ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 241ක් පසුපසින් සිටිමින් ඇෆ්ගනිස්ථානය තරගයේ තුන්වන දිනය වූ ඊයේ (04) දිනයේ සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදීම ආරම්භ කළා.

ඒ අනුව ඇෆ්ගනිස්ථානය දෙවන ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 296ක් රැස්කිරීමට සමත් වූ අතර එහිදී ඊබ්‍රාහිම් සද්‍රාන් ශතකයකින් ඇෆ්ගන් ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේදී දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය කඩුලු 05ක් බිඳ දැමූ අතර අසිත ප්‍රනාන්දු ඇෆ්ගන් ඉනිමේ කඩුලු 03ක් බිඳ දැමුවා.

ඒ අනුව මෙම තරගය ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා දෙවන ඉනිමට හිමි වූ ඉලක්කය ලකුණු 56ක්. එම ඉලක්කය කිසිවෙකු නොදැවී පසුකර යන්නට ශ්‍රී ලංකාවට අද දිනයේ හැකියාව ලැබුණා.

මේ අතර ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නව නායකත්වයට පත්ව සහභාගී වූ පළමු තරගය මෙය වීමද විශේෂත්වයක්.

Latest

ජනවාරියේ උද්ධමනය තවත් ඉහළට

2024 ජනවාරි මාසයේදී මෙරට උද්ධමනය තවත් ඉහළ ගොස් තිබෙනවා. ජනලේඛන...

මාළු මිල ඉහළට

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ අද (21) දිනයේදී මාළු මිල...

රිය අනතුරකින් සරසවි සිසුවා ජීවිතක්ෂයට

අද (21) උදෑසන සිදුවූ රිය අනතුරකින් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුවෙක්...

හෙට රතු වෙන නෙළුම් කුළුණ

කොළඹ නෙළුම් කුළුණ හෙට (22) දිනයේදී රතු පැහැයෙන් ආලෝකමත්...

Don't miss

සති පාසල ජාත්‍යන්තරයට ගෙන යනවා – සුසිල්

විවිධ අභියෝගවලට මුහුණදෙමින් සංකීර්ණ ඉගෙනුම් ක්‍රියාවලියක යෙදෙන වත්මන් පාසල්...

වසර මැදදී උද්ධමනය 5% ට ගේනවා – සියඹලාපිටිය

2024 වසර මැද වන විට උද්ධමන අනුපාතය 5% මට්ටමකට...

ලබන සතියේ දින 03ක් මැතිසබේ රැස්වෙයි

එළඹෙන 20, 21 සහ 22 යන දිනවල පාර්ලිමේන්තු රැස්වීම්...

රට ගොඩගන්න පුළුවන් එකම නායකයා රනිල් විතරයි

පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා හැකියාව ඇති එකම...

මම රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කළා – ජනපති

රට ආර්ථික පරිවර්තනයකට යොමු කිරීමට නම් ලොවට ගැළපෙන නව...

ජනවාරියේ උද්ධමනය තවත් ඉහළට

2024 ජනවාරි මාසයේදී මෙරට උද්ධමනය තවත් ඉහළ ගොස් තිබෙනවා. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ ජනවාරි මාසයේදී මෙරට උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. එමෙන්ම...

මාළු මිල ඉහළට

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ අද (21) දිනයේදී මාළු මිල ඉහළ ගොස් තිබෙනවා. මාළු වෙළෙන්ඳන් පවසන්නේ අද දිනයේදී බලයා මාලු කිලෝවක් රුපියල් 700 - 600ත් අතර...

රිය අනතුරකින් සරසවි සිසුවා ජීවිතක්ෂයට

අද (21) උදෑසන සිදුවූ රිය අනතුරකින් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුවෙක් ජීවිතක්ෂයට පත්වුණා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යාපනය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලැබූ මනිපායි ප්‍රදේශයේ...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here