31 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅද සිට වැසෙන කොළඹ මාර්ග මෙන්න

අද සිට වැසෙන කොළඹ මාර්ග මෙන්න

කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශවල මාර්ග කිහිපයක් අද (05) සිට වසා තැබෙන බව පොලීසිය පවසනවා.

ඒ අනුව අදියර 03ක් යටතේ අද සිට මාර්ග කිහිපයක් වැසෙනු ඇති.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ භූගත නළ එලීමේ කටයුත්තක් හේතුවෙන් මෙලෙස මාර්ග කිහිපයක් වසා තැබෙන බවයි.

නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පවසන්නේ අද සිට ලබන 19 වැනිදා දක්වා උත්තරානන්ද මාවත, නවම් මාවත සිට දුම්රිය හරස් මාර්ගය දක්වා කොටස වසා තැබෙන බවයි.

එමෙන්ම පෙබරවාරි 20 වැනිදා සිට මාර්තු 04 වැනිදා දක්වා කාලය තුළ උත්තරානන්ද මාවත, පෙරහැර මාවත සිට නවම් මාවත දක්වා කොටස වසා තැබෙන අතර එහි තුන්වන අදියර ලෙස මාර්තු මස 05 වැනිදා සිට 11 වැනිදා දක්වා උත්තරානන්ද මාවත, පෙරහැර මාවත ආශ්‍රිතව රොටුන්ඩාගාඩ්න් මංසන්ධිය කොටස වසා තැබෙනු ඇති.