ඇඹිලිපිටිය නගරයේ පිහිටි පාලමක් අද (05) උදෑසන හදිසියේම කඩා වැටී තිබෙනවා.
අප වාර්තාකරු පැවසුවේ ඇඹිලිපිටිය නගරයේ සිට තෝරකොළයාය හරහා මිද්දෙණිය දෙසට ඇති ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති හුලංදා ඔය පාලම මෙලෙස කඩා වැටී ඇති බවයි.
මෙම පාලම මතින් කොට පැටවූ ලොරි රථයක් ගමන් ගන්නා අවස්ථාවේදීයි මෙලෙස පාලම කඩා වැටී ඇත්තේ.
අනතුරින් ලොරි රථයේ ගමන් ගත් කිසිවෙකුටවත් හානියක් සිදුව නොමැති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.





