― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsඋසස් පෙළ සහිත පාසල් 3,000ක් ඩිජිටල්කරණයට

උසස් පෙළ සහිත පාසල් 3,000ක් ඩිජිටල්කරණයට

මෙරට උසස් පෙළ සහිත පාසල් 3,000 ඩිජිටල්කරණයට ලක් කරන බවත් මීට අදාළව ගුරුවරුන් පුහුණු කිරීම එළඹෙන මාර්තු මාසයේ සිට ආරම්භ කරන බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසන්වා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (05) යාපනය හින්දු විද්‍යාලයේ පැවති උත්සව අවස්ථාවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අරමුණ රටේ සියලු‍ දරුවන්ට අධ්‍යාපනයේ සමාන අවස්ථා අත්පත් කර දීම බවත් එහි එක් පියවරක් වශයෙන් එළඹෙන ජුනි මාසය වනවිට මෙරට උසස් පෙළ සහිත පාසල් ඩිජිටල්කරණයට ලක්කරන බවත් පැවසීය.

ඒ අනුව නව තාක්ෂණය සමග සෘජුව සම්බන්ධ වෙමින් අධ්‍යාපන කටයුතු කරගෙන යාමට දරුවන්ට අවස්ථාව සලසා දෙන බවයි ඔහු අවධාරණය කළේ.

මීට වසර එකහමාරකට පෙර රට පුරා තෙල් පෝලිම් පැවති, විදුලිය කප්පාදු වූ, ගෑස් නොතිබුණු, පාසල් වසා තිබූ අභියෝගාත්මක කාල වකවානුවක අධ්‍යාපන විෂය භාර අමාත්‍ය ධුරය තමා භාරගත් බවත් එම තත්වයෙන් අත්මිදෙමින් නැවත ක්‍රමවත් ව පාසල් පද්ධතිය පවත්වාගෙන යාමට ඉතා කෙටි කාලයක් තුළ අවශ්‍ය නිවැරදි තීන්දු තීරණ ගැනීමට හැකි වූ බවත් සිහිපත් කළ අමාත්‍යවරයා, දරුවන් වෙනුවෙන් රටේ අධ්‍යාපන පද්ධතිය සංවර්ධනය කරලීම සඳහා සියලු‍ දෙනාගේ කැපවීම අත්‍යවශ්‍ය වන බව ද, ඉදිරි සති කිහිපය තුළ රටේ සෑම පළාතකට ම ගොස් මේ සම්බන්ධයෙන් සියලු‍ අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීමට තමා අපේක්ෂා කරන බව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.