27.8 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකන්දකාඩුවේ 11ක් වැලිකන්ද රෝහලට

කන්දකාඩුවේ 11ක් වැලිකන්ද රෝහලට

පොළොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඊයේ (04) පස්වරුවේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් 11 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඉන් රැඳවියන් 10 දෙනෙක් සහ එක් හමුදා සෙබළෙක් මෙලෙස තුවාල ලබා ඇති අතර ඔවුන් මේ වනවිට වැලිකන්ද රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

වැලිකන්ද පොලිසිය පැවසුවේ මෙම ගැටුමේදී රැඳවියන් විසින් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ මුළුතැන්ගෙය සහ තවත් ස්ථාන කිහිපයක දේපළවලට අලාභ හානි සිදුකර ඇති බවයි.

පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දේපළවලට හානි සිදුකිරීමට සහ ගැටුම ඇතිකර ගැනීමට යොදාගත් පොලු මුඟුරු සහ මත්ද්‍රව්‍ය තොගයක් ද සිදුකළ සෝදිසි කිරීම්වල දී සොයාගෙන තිබෙනවා.