29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෝටි 500ක් වංචා කළ සැකකරු යළි රිමාන්ඩ්

කෝටි 500ක් වංචා කළ සැකකරු යළි රිමාන්ඩ්

ගලෙන්බිඳුණුවැව මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් තැන්පත්කරුවන්ගෙන් රුපියල් කෝටි 500 කට ආසන්න මුදල් වංචා කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටි සැකකරු යළි ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මෙම සැකකරු අද (05) කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

අනුරාධපුර, ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ට්‍රෙඩ්වින් නමැති මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් මුදල් තැන්පත්කරුවන්ගෙන් කෝටි ගණනක මුදල් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව යටතේ පසුගිය මස 27 වැනිදා නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ පදිංචි වීරසේකර මුදියන්සේලාගේ තරිදු ඉරෝෂ් වීරසේකර නමැති ගලෙන්බිඳුණුවැව, අශ්වයා බැඳිවැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38ක පුද්ගලයෙකි.

මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහුගේ අනියම් බිරිඳ බව කියන ටෙලිනාට්‍ය නිළියයද ලබන 19 වැනිදා දක්වා බන්ධනාගාර ගත කර තිබෙනවා.