25.6 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනීතිවිරෝධී මත්පැන් පෙරූ තරුණයෙක් අත්අඩංගුවට

නීතිවිරෝධී මත්පැන් පෙරූ තරුණයෙක් අත්අඩංගුවට

නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය (කසිප්පු) කළ පුද්ගලයෙක්
බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බදුල්ල පොලිස් වසමේ පිහිටි වනාන්තර ප්‍රදේශයක නීතිවිරෝධී අයුරින් මත්පැන් නිෂ්පාදනය කරන බවට බදුල්ල මත්ද්‍රව්‍ය නාශක අංශයට ලැබුණු තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.

එහිදී වනාන්තරය තුළ සඟවා තිබූ ගෝඩා මිලි ලීටර් 780,000ක්, බැරල් හා දගර 06ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුල්ල ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක් බවයි පොලීසිය පැවසුවේ.