පසුගියදා වාර අවසාන කෙරුණු පාර්ලිමේන්තුව එළැඹෙන 07 වැනිදා පෙරවරු 10.30 ට උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතය.
මෙවර එම උත්සවය ඉතා අඩු වියදමකින් මෙන්ම සරල සහ චාම් අයුරින් පවත්වන ලෙස ජනාධිපති රනි වික්රමසිංහ උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ අනුව එම උත්සවයට ආචාර පෙළපාලි, ආචාර වෙඩි මුර, පෙර ගමන් රථ, ආරක්ෂක නිලධාරීන් එක පෙළට සීරුවෙන් සිටීම යනාදී විශේෂාංග කිසිවක් ඇතුළත් නොවන බවයි වාර්තා වන්නේ.