― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsහරක් කටාගේ පෙත්සමට CID ලොක්කාට නොතීසි

හරක් කටාගේ පෙත්සමට CID ලොක්කාට නොතීසි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා රඳවා ගැනීම සඳහා නිකුත් කර තිබෙන හතර වන රැඳවුම් නියෝගය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස එහි වග උත්තරකරුවන් වශයෙන් නම් කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන්ට නොතීසි ලබා දීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළා.

මෙම පෙත්සම අද (05) දින ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනී වික්‍රමසිංහ සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

පෙත්සම සලකා බැලීම සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි වග උත්තරකරුවන් වෙනුවෙන් නීතිඥවරු පෙනී සිටියේ නැහැ.

ඒ අනුව වග උත්තරකරුවන්ට යළි නොතීසි නිකුත් කරන ලෙස පෙත්සම්කාර පාර්ශ්වයට දැනුම් දුන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම සලකා බැලීම සඳහා ලබන 28 වැනිදා කැඳවන ලෙසත් නියෝග කළා.

පෙත්සම්කාර නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා අධිකරණයට දැනුම් දී ඇත්තේ කිසිදු නව විමර්ශනයකින් තොරව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව දිගින් දිගටම රඳවා ගැනීම නීති විරෝධී බවයි.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් අදාල රැඳවුම් නියෝගය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කළ ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.