― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsඅධ්‍යාපනයේ පුරප්පාඩු කඩිනමින් පුරවනවා - සුසිල්

අධ්‍යාපනයේ පුරප්පාඩු කඩිනමින් පුරවනවා – සුසිල්

අධ්‍යාපන ක්ෂේත්‍රයේ තනතුරු රැසක පවතින පුරප්පාඩු බොහෝමයක් පිරවීමට කඩිනමින් පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (06) වවුනියාව සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ අධ්‍යාපන, පරිපාලන, විදුහල්පති, ගුරු අධ්‍යාපනඥ, ගුරු උපදේශක යන සේවාවල හා ගුරු සේවයේ නව පත්වීම් රැසක් ඉතා ඉක්මනින් ලබා දෙන බවයි.

ඊට අමතරව අතිරික්ත නිලධාරීන් සිටින සේවා ස්ථානවලින් ස්ථාන මාරුවීම් ලබා දීම හරහා නිලධාරී හිඟය පියවීමට කටයුතු කරන බවත්
ගුරු අධ්‍යාපනඥ සේවයේ ද නව බඳවාගැනීම් 700ක් සිදු කරන අතර නව ගුරු උපදේශක පත්වීම් ලබා දෙන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යා, ගණිතය, තාක්ෂණවේදය හා විදේශ භාෂා යන විෂයන් සඳහා ගැසට් නිවේදන නිකුත් කර විභාග පවත්වා 5,500ක පමණ නව ගුරුවරුන් සංඛ්‍යාවක් ගුරු සේවා ව්‍යවස්ථාව අනුව බඳවා ගැනීමට අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.