26 C
Colombo
Thursday, February 22, 2024

අධ්‍යාපනයේ පුරප්පාඩු කඩිනමින් පුරවනවා – සුසිල්

අධ්‍යාපන ක්ෂේත්‍රයේ තනතුරු රැසක පවතින පුරප්පාඩු බොහෝමයක් පිරවීමට කඩිනමින් පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (06) වවුනියාව සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ අධ්‍යාපන, පරිපාලන, විදුහල්පති, ගුරු අධ්‍යාපනඥ, ගුරු උපදේශක යන සේවාවල හා ගුරු සේවයේ නව පත්වීම් රැසක් ඉතා ඉක්මනින් ලබා දෙන බවයි.

ඊට අමතරව අතිරික්ත නිලධාරීන් සිටින සේවා ස්ථානවලින් ස්ථාන මාරුවීම් ලබා දීම හරහා නිලධාරී හිඟය පියවීමට කටයුතු කරන බවත්
ගුරු අධ්‍යාපනඥ සේවයේ ද නව බඳවාගැනීම් 700ක් සිදු කරන අතර නව ගුරු උපදේශක පත්වීම් ලබා දෙන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යා, ගණිතය, තාක්ෂණවේදය හා විදේශ භාෂා යන විෂයන් සඳහා ගැසට් නිවේදන නිකුත් කර විභාග පවත්වා 5,500ක පමණ නව ගුරුවරුන් සංඛ්‍යාවක් ගුරු සේවා ව්‍යවස්ථාව අනුව බඳවා ගැනීමට අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.

Latest

ජනවාරියේ උද්ධමනය තවත් ඉහළට

2024 ජනවාරි මාසයේදී මෙරට උද්ධමනය තවත් ඉහළ ගොස් තිබෙනවා. ජනලේඛන...

මාළු මිල ඉහළට

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ අද (21) දිනයේදී මාළු මිල...

රිය අනතුරකින් සරසවි සිසුවා ජීවිතක්ෂයට

අද (21) උදෑසන සිදුවූ රිය අනතුරකින් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුවෙක්...

හෙට රතු වෙන නෙළුම් කුළුණ

කොළඹ නෙළුම් කුළුණ හෙට (22) දිනයේදී රතු පැහැයෙන් ආලෝකමත්...

Don't miss

සති පාසල ජාත්‍යන්තරයට ගෙන යනවා – සුසිල්

විවිධ අභියෝගවලට මුහුණදෙමින් සංකීර්ණ ඉගෙනුම් ක්‍රියාවලියක යෙදෙන වත්මන් පාසල්...

වසර මැදදී උද්ධමනය 5% ට ගේනවා – සියඹලාපිටිය

2024 වසර මැද වන විට උද්ධමන අනුපාතය 5% මට්ටමකට...

ලබන සතියේ දින 03ක් මැතිසබේ රැස්වෙයි

එළඹෙන 20, 21 සහ 22 යන දිනවල පාර්ලිමේන්තු රැස්වීම්...

රට ගොඩගන්න පුළුවන් එකම නායකයා රනිල් විතරයි

පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා හැකියාව ඇති එකම...

මම රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කළා – ජනපති

රට ආර්ථික පරිවර්තනයකට යොමු කිරීමට නම් ලොවට ගැළපෙන නව...

ජනවාරියේ උද්ධමනය තවත් ඉහළට

2024 ජනවාරි මාසයේදී මෙරට උද්ධමනය තවත් ඉහළ ගොස් තිබෙනවා. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ ජනවාරි මාසයේදී මෙරට උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. එමෙන්ම...

මාළු මිල ඉහළට

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ අද (21) දිනයේදී මාළු මිල ඉහළ ගොස් තිබෙනවා. මාළු වෙළෙන්ඳන් පවසන්නේ අද දිනයේදී බලයා මාලු කිලෝවක් රුපියල් 700 - 600ත් අතර...

රිය අනතුරකින් සරසවි සිසුවා ජීවිතක්ෂයට

අද (21) උදෑසන සිදුවූ රිය අනතුරකින් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුවෙක් ජීවිතක්ෂයට පත්වුණා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යාපනය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලැබූ මනිපායි ප්‍රදේශයේ...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here