― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsයුක්තියෙන් තවත් 733ක් අත්අඩංගුවට

යුක්තියෙන් තවත් 733ක් අත්අඩංගුවට

ගෙවී ගිය පැය 24ක කාලය තුළ දිවයින පුරා සිදු කරනු ලැබූ යුක්තියේ මෙහෙයුමෙන් අපරාධකරුවන් 733ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ එහිදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 589ක් සහ අපරාධ අංශ වෙත යොමුකළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 144ක් මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතරට අයත් බවයි.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 589 දෙනා අතරින් රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන සැකකරුවන් 05 දෙනෙකු සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් 04ක් පුනරුත්ථාපනය සඳහා යොමු කර තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 08 දෙනෙක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිට අත්අඩංගුවට ගත් සැකකරුවන් 144 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 12ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 128ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගත් සැකකරුවන් 01ක් සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 03 දෙනෙක් ද මෙහෙයුම්වල දී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

මෙම වැටලීම්වලදී හෙරොයින් ග්‍රෑම් 130ක්, අයිස් ග්‍රෑම් 159ක්, ගංජා කිලෝ 1725 ග්‍රෑම් 900ක්, ගංජා පැල 211,804ක්, මාවා කිලෝ 05යි ග්‍රෑම් 525ක් සහ මදන මෝදක ග්‍රෑම් 121ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.