30.6 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවෙළෙඳ සැලකින් භාණ්ඩ සොරාගත් කතක් අත්අඩංගුවට

වෙළෙඳ සැලකින් භාණ්ඩ සොරාගත් කතක් අත්අඩංගුවට

වෙළඳසැලකට ඇතුළු වී කිරිපිටි ඇතුළු භාණ්ඩ සොරා ගත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හොරණ පොලිසිය පැවසුවේ සොරකම සම්බධයෙන් වෙළඳසැලේ හිමිකරුවන් පොලිසිය කරන ලද පැමිණිල්ලකට අනුව මෙම කාන්තාව අත්අඩංගුවට ගත් බවයි.

මෙම කාන්තාව හොරණ, පොකුණුවිට ප්‍රදේශයේ වෙළඳසැලකට භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඇතුළු වී ඇති අතර ඇය භාණ්ඩ සොරාගන්නා ආකාරය වෙළෙඳසැලේ සවි කර ඇති සීසීටීවී කැමරාවක සටහන්ව තිබෙනවා.

ඇය කිරිපිටි ඇතුළු ද්‍රව්‍ය යටඇඳුමේ සඟවා ගන්නා ආකාරය එහි පැහැදිලිව සටහන් වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ කාන්තාව පුරුද්දක් ලෙස දීර්ඝ කාලයක් මෙම සොරකම සිදු කරගෙන ගොස් ඇති බවයි.

අත්අඩංගුවට ගත් කාන්තාව අද (06) හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.