30.6 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsචාල්ස් රජුට පිළිකාවක්

චාල්ස් රජුට පිළිකාවක්

බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුට පිළිකාවක් වැළඳී ඇති බව බකිංහැම් මාඛිගය නිවේදනය කර තිබෙනවා.

චාල්ස් රජුට පුරස්ථ ග්‍රන්ථියේ ඇති වූ රෝගාබාධයක් හේතුවෙන් පසුගිය සතියේ රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමට සිදු වුණා.

එහිදී සිදුකළ පරීක්ෂණවලදී රජුට වැළඳී ඇති පිළිකා තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය කණ්ඩායම් අනාවරණය කරගෙන තිබෙනවා.

රජ මාළිව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ චාල්ස් රජු ඊයේ (05) සිට නිත්‍ය ප්‍රතිකාර කාලසටහනක් ආරම්භ කර ඇති බවයි.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ චාල්ස් රජුගේ මෙම අසනීප තත්ත්වයත් සමඟ සියලු මහජන කටයුතු කල්දමා ඇති බවයි.

කෙසේ වෙතත් රජතුමා සුපුරුදු පරිදි රාජ්‍ය කටයුතු සහ නිල ලේඛන කටයුතු කරගෙන යනු ඇති.