31.1 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබඳින තුවක්කුවක් පත්තු වී අයෙක් ජීවිතක්ෂයට

බඳින තුවක්කුවක් පත්තු වී අයෙක් ජීවිතක්ෂයට

මුලතිව් හිදී බඳින තුවක්කුවක් පත්තුවීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මාන්කුලම පොලිසිය පැවසුවේ ඊයේ (05) බඳින තුවක්කුවක් පත්තුවීමෙන් මුලතිව්, මාන්කුලම, මනවාලපට්ටිමුරුප්පු ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙම පුද්ගලයා තවත් පිරිසක් සමඟ පැණි කැඩීම සඳහා කැළෑවට ගොස් ඇති අතර එම අවස්ථාවේදී වල් ඌරන් සඳහා අටවා තිබූ බඳින තුවක්කුවක් පත්තු වී තිබෙනවා.

වෙඩිල්ල පත්තු වීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මාන්කුලම රෝහලට ඇතුළත් කොට ඇති අතර එහිදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මියගිය පුද්ගලයාගේ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මළ සිරුර ඥාතීන් වෙත භාරදීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් මාන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.